කටාර් රාජ්‍යයේ සහ තායිලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 135 දෙනෙකු නැවත මෙරටට පැමිණ තිබේ.
අද (21) අලුයම 1.20ට පමණ කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරණ ගුවන් යානයෙන් දෝහා සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.
තායිලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරණ ගුවන්යානය ද අද උදෑසන බැංකොක් නුවර සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ බව අප වාර්තාකරු පැවසීය.
එම පිරිස කටුනායක ගුවන්තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.