ගාල්ලේදී මත්පෙති 620ක් සමග අයෙක් අත්අඩංගුවට

Share

අක්මීමන පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්, මත්පෙති තොගයක් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් සමග එක්ව මෙම වැටලීම සිදුකර ඇති අතර ගාල්ල, සම්පත් උයන ප්‍රදේශයේ දී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු සතුව තිබී මත්පෙති 620ක් වැටලීම් නිලධාරීන් බාරයට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Read more

Local News