විග්නේෂ්වරන් සිටින්නේ රට බෙදීමේ න්‍යාය පත්‍රයේ – සරත් වීරසේකර

Share

සී.වී. විග්නේෂ්වරන් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ප්‍රථමයෙන් දිවුරුම් දී ඇත්තේ එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිය ගිය වෙල්ලමුල්ලි වයික්කාල් සොහොන් පිටියේ දී බවට රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ (22) අනාවරණය කළේය.

 

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමින් තමිල් මක්කල් තේසිය කූටනි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සි.වි. විග්නේෂ්වරන් මහතා විසින් “දෙමළ භාෂාව, මෙරටේ මුල්ම භාෂාව ලෙස හා නිජ භූමිය කරගත් මුල්ම ජනතාවගේ භාෂාව” ලෙස සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

සි.වි. විග්නේෂ්වරන් මහතා සිටින්නේ “රට බෙදීමේ න්‍යාය පත්‍රයේ” බව ද සරත් වීරසේකර මහතා කියා සිටියේය.

මේ අතර විග්නේෂ්වරන් මහතාගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීම පිළිබඳව කරුණු සොයා බලා කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (22) මහනුවරට පැමිණ මල්වතු, අස්ගිරි මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව පැවසීය.

Read more

Local News