අපේ ජන බල පක්ෂයේ රතන හිමි අද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට නොපැමිණෙයි

Share

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අපේ ජන බල පක්ෂයේ හිටපු මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගත් බවට කළ පැමිණිල්ල කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී ඊයේ (22) විභාගයට ගැණුනි.

 

අනතුරුව ඊයේ පස්වරුවේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩවෙසෙන රාජගිරිය සඳහම් සෙවණ විහාරස්ථානයට කොළඹ දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුලු පිරිසක් පැමිණි නමුත් එම අවස්ථාවේදී රතන හිමියන් විහාරස්ථානයේ වැඩ සිට නැත.

පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා රතන හිමියන් දුරකතනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ දී, අද දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණීමට උන්වහන්සේ එකඟ වී තිබුණි.

නමුත් අද පෙරවරු 09.00ට පමණ මේ සමබන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වේදිනිගම විමලතිස්ස හිමිගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණි අතර රතන හිමියන් එම අවස්ථාවට පැමිණ නැත.

කරුණු විමසීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් පිටතට පැමිණි වේදිනිගම විමලතිස්ස හිමිගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් සඳහන් කළේ රතන හිමි විසින් විමර්ශන නිලධාරීයාට දුරකථන ඇමතුමක් ලබා දී පස්වරුවේ ප්‍රකාශයක් ලබා දෙන බව පවසා ඇති බවය.

Read more

Local News