ගල්කිස්ස මුහුදේදී අතුරුදන් වුවන්ගේ සිරුරු සොයා මෙහෙයුම්

Share

ගල්කිස්ස මුහුදු තීරයේ ඊයේ (23) පස්වරුවේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මුහුදු රළට ගසා ගොස් අතුරුදන්ව තිබේ. ඔවුන් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

ගල්කිස්ස ප්‍රදේශයේ මෑන්පවර් නියෝජිත ආයතනයක සේවයේ නිරත පිරිසක් ඊයේ පස්වරු 2.45ට පමණ ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර 13 දෙනෙකුගෙන් යුත් එම පිරිසෙන් 7 දෙනෙකු එහිදී මුහුදු රළට හසු වී ඇත. පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඉන් තරුණයින් පස්දෙනෙකු බේරා ගැනුණි.

කෙසේවෙතත් තවත් තරුණයින් දෙදෙනෙකු මේ වන විටත් අතරුදන්ව සිටින අතර ඔවුන් පූඬළුඔය ප්‍රදේශයේ පදිංචි 18 හා 19 හැවිරිදි අය බව වාර්තා වේ.

Read more

Local News