හැරී කුමරු හොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයට පැම්ණිමේ සූදානමක්

Share

බ්‍රිතාන්‍ය රාජකීය ධුරාවලියේ කිරුළ ට හිමිකම් කියන හය වැන්නා වන හැරී කුමරු හොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයට ආගමනය කිරීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

රජ කුමරෙකු මෙලෙස හොලිවුඩ් කර්මාන්තයට සම්බන්ධ වීම ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් බවට එම වාර්තාවල දැක්වේ.

රාජකීයත්වය අත්හල හැරී-මේගන් යුවලගේ හොලිවුඩ් ආගමනය සඳහා මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බවට රාවයක් ද පැතිර යමින් තිබේ.

ඔවුන්ට සමීප මූලාශ්‍රයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ තොරතුරු අනාවරණය කර තිබුණි.

දැනටමත් ඔවුන් හොලිවුඩ් සම්බන්ධ රහස් ව්‍යාපෘතියකට සම්බන්ධ වී කටයුතු කරන බව සඳහන් වේ.

බ්‍රිතාන්‍ය රාජකීය ධුරාවලියේ කිරුලට හිමිකම් කියන හය වැන්නා වන හැරී කුමරු සමඟ විවාහවීමට පෙර මේගන් මාකල් අමෙරිකාවේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කළේය.

රාජකීය රීතීන්ට අනුව විවාහයෙන් පසු ඇයට රංගනයට සමුදීමට සිදු විය.

කෙසේ වෙතත් ස්වාධීනව ජීවත් වීමට තීරණය කරමින් රාජකීයත්වය අතහැර එම යුවළ පසුව අමෙරිකාවේ පදිංචියට පැමිණියේය.

මෑතකදී ඔවුන් හොලිවුඩ් පුරයට නෑකම් කියන කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා බාබරා නගරයෙන් නිවසක් ද මිලදී ගෙන ඇත.

අමෙරිකානු නිළියක් වූ මේගන් මාකල් තම අදායම් මාර්ගය ලෙස නැවතත් විනෝදාස්වාද කර්මාන්තය තෝරා ගනු ඇති බවට කතාබහක් ඇති වී තිබෙන පසුබිමක හැරී කුමරුගේ හොලිවුඩ් ආගමනය පිළිබඳව පුවත ඇසීමෙන් ඔවුන්ගේ රසිකයන් ඉමහත් සතුටට පත් වී සිටී.

ඒ සඳහා මේගන් මාකල් ඔහුට ශක්තියක් වී ඇති බව ඔවුන්ට සමීප තොරතුරු මුලාශ්‍රය උපුටා දක්වමින් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News