කොවිඩ් නිසා රැකියා රැසක් අහිමිවෙලා – සජිත්

Share

කොවිඩ් -19 බලපෑම නිසා රැකියා අහිමි වූ පිරිස් වෙත ආදායම් මාර්ග සලසා දීම රජය සතු වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.ඊයේ (24) බොරැල්ල ප්‍රදේශයේ දී පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 

එතුමා පවසි සිටියේ කොවිඩ්-19 නිසා රටේ ලක්ෂ 4කට රැකියා අහිමි වී ඇති බවත් ඔවුන් ආණ්ඩු බලයට පත්වුණා නම්  රැකියා අහිමි වූ හාරලක්ෂයට අලුතින් කර්මාන්ත බිහිකර ඒ රැකියා ලබා දීම සිය වගකීම බවත්,ය.

එමෙන්ම රටේ සමස්ථ ජනතාව තීරණය කළ ආණ්ඩු බලය යන්නට අවශ්‍ය පොහොට්ටු පක්ෂයට නිසා ජනතා තීන්දුවට ඔවුන් ගරු කළ බවත්, ජනතාව තීන්දු කළ  හැම තීන්දුවකට ගරු කරනවා වගේම පොහොට්ටු රජයේ වගකීම නම් අහිමි වූ රැකියා ලක්ෂ හතර නැවතවරක් නිර්මාණය කර, ආදයම් මාර්ගයක් නිර්මාණය කිරීම,“ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය

Read more

Local News