හිටපු ජනපතිට තනතුරක් ලබාදෙන බව කවුරුවත් කියලා නෑ – ප්‍රසන්න

Share

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට තනතුරක් ලබාදෙන බව කිසිවෙකු පවසා නොමැති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වත්තල ඊයේ (24) පැවැති රැස්වීමකින් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයටකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරමින් හිටපු ජනාධිපතිවරයාට තනතුරක් ලබා දීමට කටයුතු කරනවාද යන්න විමසු විට අමාත්‍යවරයා පැවසුවේ එවැනි කිසිදු තිරණයක් ගෙන නොමැති බවත් තමන් එවැන්නක් සම්බන්ධයෙන් දැනුවත් නොමැති බවත්ය.

එමෙන්ම පක්ෂ සඳහා දිය යුතු තනතුරු මේ වන විට ලබා දී අවසන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නම් කළ පිරිසට ඒ අනුව තනතුරු ලබා දුන් බවත් අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News