රට කැඩීමට හෝ බෙදීමට කිසිවිටෙකත් සූදානම් නැහැ – රට කැඩීමට, බෙදීමට ඉඩ තබන්නේත් නැහැ

Share

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (01) පෙරවරුවේ පොළොන්නරුව, සෙවණපිටිය ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්විය. ජනහමුව ඇමතූ ජනපති ප්‍රකාශ කළේ,

රට කැඩීමට සහ බෙදීමට කටයුතු කරන බවට ඇතැමුන් චෝදනා නැගුව ද රට කැඩීමට හෝ බෙදීමට තමා කිසිවිටෙකත් සූදානම් නොමැති අතර, ඊට කිසිවෙකුට ඉඩ නොතබන බවයි. බොරු ප‍්‍රචාරවලට සහ අවස්ථාවදී දේශපාලන උපක‍්‍රමවලට අද මේ රටේ ජනතාව හසුනොවන අතර, රට ගමන් කරන දිසාව පිළිබඳ ජනතාව අවදියෙන් කටයුතු කරන බවයි.

අද රටට අවශ්‍ය රජෙක් පාලනය කරන ඒකාධිපති පාලනයක් නොව ජනතාව විසින් රට පාලනය කරන ක‍්‍රමයක් බවත්,  දේශපාලන මෙන්ම සමාජ පරිවර්තනය රට තුළ ඇති කිරීමට ඉකුත් වසර 03 තුළ තමන් කැපවූ බව සඳහන් කළේය.

අද දූෂිත දේශපාලනඥයින් එකම කණ්ඩායමක් ලෙස සන්ධානගතවෙමින් සිටින අතර මෙම වැඩපිළිවෙළ ජනතාව අවබෝධකරගත යුතු බව පැවසූ ජනාධිපතිතුමා ඔවුන් බොහෝ දෙනා බලය ඉල්ලන්නේ ජනතාවට සේවය කිරීමට හෝ රට සංවර්ධනයට කිරීමට නොව තම පුද්ගලික සංවර්ධනය උදෙසා බව ද කියා සිටියේය.

වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කිරීමේදී පක්ෂ, පාට, තනතුරු, ඥාති මිත‍්‍රකම් කිසිවක් නොසලකන අතර අද රටේ නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී ද තම සහෝදරයන්ට ද එය කි‍්‍රයාත්මක වන්නේ එක ලෙස බව තමා මේ වන විට පෙන්වා තිබෙන බව ජනධිපති කියා සිටියේය.

Read more

Local News