විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට

Share

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ලාංකිකයන් 426 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ජර්මනියේ සිට ගුවන් යානා 04 කින් එම පිරිස අද (26) අලුයම කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 23 දෙනෙකු, කටාර් රාජ්‍යයේ දෝහා සිට 17 දෙනෙකු සහ ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් සිට 102 දෙනෙකු මෙලෙස පැමිණ තිබේ.

කටාර් රාජ්‍යයේ දෝහා සිට 279 මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණි සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණ වලට ලක්කිරීමේන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

Read more

Local News