මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බන්ධනාගාර නියමකවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට

Share

හෙරොයින් ග්‍රෑම් 15 ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බන්ධනාගාර නියමකවරයෙකු ඇතුළු සිව් දෙනෙකු වේයන්ගොඩ, බෙම්මුල්ල, කොරොස්ස සහ උඩුගම්පොළ යන ප්‍රදේශවල දී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

වේයන්ගොඩ, කොරොස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා දිනේෂ් නමැත්තෙකු බව පොලීසිය සඳහන් කරන ලදී. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මහර බන්ධනාගාරයේ සේවය කරන නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දැනට බන්ධනාගාර ගතව සිටින චමින්ද නොහොත් “රගරා” නම් පාතාල සාමාජිකයාගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර මේ සම්බන්ධව වේයන්ගොඩ, බෙම්මුල්ල ප්‍රදේශයේ දී ගුවන් හමුදා සිවිල් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවෙකු වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා සතුව තිබී විවිධ පුද්ගලයින්ගේ බැංකු පොත් 10ක්, ඒ.ටී.එම් කාඩ්පත් 15 ක් සහ රුපියල් 56,000 ක මුදලක් සොයාගෙන තිබේ.

Read more

Local News