පොඩි ලැසීගේ තවත් සමීපතමයෙකු අත්අඩංගුවට

Share

මීටියාගොඩ, ගෝනපීනුවල ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන “පොඩි ලැසී” නමැත්තාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කේරළ ගංජා ගෑම් 45ක් සහ කඩු දෙකක් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මීටියාගෙඩ පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

Read more

Local News