ලොව විශාලතම මලට ඇඳී එන බඹරුන්ට වෙන දේ

Share

අපි විවිධාකාර මල් වර්ග ගැන අහලා තියෙනවා. ගොඩක් මල් හරිම සුවඳයි වගේම ලස්සනයි. එත් ඹයාලා දන්නවාද ඒ සුවඳ ලස්සන අස්සේ මල්වල බිහිසුණු බවත් හැංගීලා තියෙන වග. ඉතින් අපි අද සියත විශේෂාංගය තුළින් ගෙන එන්නේ මෙතෙක් ලොව වාර්තා වී ඇති විශාලතම පුෂ්පය ගැනයි.

 

ඒ මල හඳුන්වන්නේ රැෆ්ලේසියා ආර්නෝල්ඩී යන නමින්.

මේ මලට ඇඳිලා එන බොහෝ කෘමී සතුන් මරණයට පත්වනනේ ක්ෂණයකින්. මේ මලේ තියෙන්නේ පෙති 5යි.

ඉන්දුනීසියාවේ වැසි වනාන්තර වලින් හඳුනාගෙන ඇති මේ මල සෙ.මී 106 ක් පමණ විශාලයි. විද්‍යාඥයින් විසින් කළ පර්යේෂණ වලින් දැනට හෙලි වී තිබෙන්නේ මෙම පුෂ්පය මාංශ භක්ෂක ශාක ගණයට අයත් වන බවයි.

මේ මලේ සුවඳක් නම් නෑ. රැෆ්ලේසියා ආර්නෝල්ඩී මලෙන් වහනය වෙන්නේ මළ සිරුරු වලින් හමන දැඩි දුර්ගන්ධය යි.

මෙහි නිජ භූමිය ඉන්දුනීසියාව වුව ද මෙම මල මැලේසියාව, බෝර්නියෝ, දකුණු තායිලන්තය, සුමාත්‍රා, ජාවා දූපත් වල ද බහුලව පවතී.

Read more

Local News