මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා මැතිවරණ පැමිණිලි 559ක් – පොලීසිය

Share

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා මැතිවරණ පැමිණිලි 559ක් ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව මැතිවරණ පැමිණිල ගණන 424ක් වන අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගණන 135ක් වේ. මැතිවරණ පැමිණිලිවලට අදාළව සැකකරුවන් 91 අත්අඩංගුවට ගත්බව පොලීසියෙන් වාර්තා වේ.

පහරදී තුවාල සිදුකිරීම්, බැණ තර්ජනය කිරීම් හා බියගැන්වීම්, ඡන්ද නාම ලේඛ සම්බන්ධව පෝස්ටර් කටවුට් හා දේපලවලට අලාභ හානි සිදු කිරීම, ද්‍රව්‍ය මුදල් හා උපකරණ බෙදාදීම යනාදී සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත.

Read more

Local News