කොරෝනා මර්දන එන්නත් නිෂ්පාදන ක්‍රියාවලියට අමෙරිකාවේ සහය නෑ

Share

ලොවපුරා ව්‍යාප්ත වි තිබෙන කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලියට තමන් සහය නොදක්වන බව අම‍ෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

පසුගිය දිනක ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට අමෙරිකාව ගත් ක්‍රියාමාර්ගය හමුවේ මෙම පියවර ගෙන තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ ලොව රටවල් 150ක පමණ දායකත්වයෙන් කොරෝනා වසංගතය මර්දනය කිරීමේ අරමුණින් එන්නතක් නිෂ්පාදනය කිරීමේ නියැළී සිටින බවයි.

රුසියාව, චීනය සහ ඕස්ට්‍රේලියාව පසුගියදා පැවසුවේ සිය රටවල් අත්හදා බලන එන්නත් සංවර්ධන මට්ටමේ තුන්වන අදියරේ පවතින බවයි.

Read more

Local News