පාඨලී චම්පිකගේ ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලීමක්

Share

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ මුල් නඩු ගොනුව තම අධිකරණයට කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා මහත්මිය අද(02) නියෝග කළාය.

 

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකුට අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇත.

එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයන්ට නියම කර ඇති ඇතැම් ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ට මහාධිකරණය විසින් නියම කර ඇති ඇප කොන්දේසි මොනවා ද යන්න නිශ්චිත වශයෙන් දැනගැනීම සඳහා එහි මුල් නඩු ගොනුව පරික්ෂා කිරීම අවශ්‍ය බවය.

ඒ අනුව එම නඩුව ඔක්තෝම්බර් මස 07 වන දා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එම නඩුවට අදාළව දැනට කොළඹ මහාධිකරණය හමුවේ පවතින මුල් නඩුව කැඳවන ලෙසද නියෝග කළාය.

Read more

Local News