මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3,101ක් දක්වා ඉහළට

Share

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3,101ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ ඊයේ (02) දිනයට වාර්තා වු නව ආසාදිතයින් 10 දෙනා සමගයි.

මේ වන විට රෝගීන් 206 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

පුද්ගලයින් 2,883 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පියව ගොස් ඇත.

එසේ ඊයේ දින වාර්තා වූ සියලු ආසාදිතයන් විදේශයන්හි සිට මෙරටට පැමිණි අය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් රෝගීන් 5ක් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් බව වාර්තා වෙයි.

තවද කුවේට් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් හා කටාර් සිට පැමිණි එක් පුද්ගලයෙක් ද නව ආසාදිතයින් ලෙස වාර්තා විය.

අද (03) උදෑසන මෙරටට පුද්ගලයින් 31ක් දෝහා කටාර් සිට හා පුද්ගලයින් 250 ක් ඊශ්‍රායලයේ හා ජෝර්දානයේ සිට පැමිණ ඇත.

තවත් පුද්ගලයින් 26 දෙනෙක් අද සවස කත්මන්ඩු සිට මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද දිනය තුළ පුද්ගලයින් 443ක් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටව යෑමට නියමිතව තිබේ.

අද වන විට පුද්ගලයින් 35,780ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටව ගොස් ඇති අතර, ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 74ක පුද්ගලයින් 8,239 ක් නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ දිනයේ දී පීසීආර් පරීක්ෂණ 2020ක් සිදුකර ඇති අතර මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 230,547ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News