20 වැනි ව්‍යස්ථා සංශෝධනයේ ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

Share

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත රජයේ මූද්‍රණාලය වෙත යවා ඇත.

 

ඊට අදාළ ගැසට් නිවේදනය අද (03) දිනයේ නිකුත් කිරීමට නියමිත බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළාය.

ඊයේ (02) පස්වරුවේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින්කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ අතර අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත භාර දී තිබේ.

ඉදිරි සති දෙක තුළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

Read more

Local News