පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කළ පාසල් මුරකරුවෙක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් මඟින් කරන ලද දැනුම් දීමකට අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයක් මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එම අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එහිදී දැරියන් ප්‍රකාශ කර ඇත්තේ මෙම මුරකරු විසින් තමන්ව බදා ගැනීම, ඇඟපත අත ගෑම යන ක්‍රියාවන් සිදුකර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිතුමන්ගෙන්, ගුරුවරුන්ගෙන් හා දැරියන්ගේ දෙමව්පියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.