කොරෝනා වෙනුවෙන් කොකා කෝලා සමාගම සහ රතු කුරුස සමාජය පී.සී.ආර් කට්ටල පරිත්‍යාග කරයි

Share

ඊයේ (02) දිනයේ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ කොකා කෝලා සමාගම එක්වි පී.සී.ආර්. (PCR) පරීක්ෂණ කට්ටල 16800ක් හා VTM 17000ක් අග්‍රාමාත්‍යතුමා වෙත පරිත්‍යාග කිරීම අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණි.

 

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් 06ක් සඳහා මෙම වෛද්‍ය උපකරණ කට්ටල ලබා දීමට නියමිතව ඇති අතර එම උපකරණවල වටිනාකම රුපියල් මිලියන 50ක් බව වාර්තා වෙයි.

මේ දක්වා කොකා කෝලා සමාගම හා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව කොවිඩ් 19 රෝගීන් වෙනුවෙන් රුපියල් මිලියන 130ක පරිත්‍යාගයන් කර ඇත.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර, කොකා කෝලා සමාගමේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ලක්ෂාන් මදුරසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ මයන්ක් අරෝරා, ඉන්දීය හා දකුණු ආසියානු කලාපීය කළමනාකාර අධ්‍යක්ෂ පන්කාජ් සිං යන පිරිස මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Read more

Local News