අයිස් සමඟ සිව් දෙනෙක් තිස්සමහාරාමයෙන් අල්ලයි

Share

නාවික හමුදාව සහ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව තිස්සමහාරාමය, පන්නේගමුව සහ දෙබරවැව ප්‍රදේශයන්හි ඊයේ‍(02) දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ‍ දකුණු නාවික විධානය හා කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව තිස්සමහාරාමය, පන්නේගමුව ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්‍ෂාකර ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09ක පමණ ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් කල ප්‍රශ්න කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක පමණ ප්‍රමාණයක් සමඟ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදි.

පසුව සිදු කල වැඩිදුර ප්‍රශ්න කිරීමේදී විකිණීම සඳහා යතුරුපැදියකින් රැගෙන යමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 681ක පමණ ප්‍රමාණයක් සමඟ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මෙම සමස්ථ මෙහෙයුමේදී විකිණීම සඳහා ලඟ තබාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක්, සැකකරුවන් 04ක් සහ යතුරු පැදියක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් එම ප්‍රදේශයන්හිම පදිංචිකරුවන් වන බවට හඳුනාගෙන ඇත.

Read more

Local News