විද්‍යාපීඨ සදහා අයදුම්පත් යොමු කිරිම ඔන්ලයින් ක්‍රමයට පමණයි

Share

මෙවර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඔන්ලයින් ක්‍රමයෙන් පමණක් අයදුම්පත් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

 

අද(04) විද්‍යාපීඨවලට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව තිබේ.

2018 වසරේ උසස් පෙළ ප්‍රතිඵල මත මෙවර විද්‍යා පීඨ සඳහා බඳවා ගැනීම සිදු කෙරෙනු ඇති.

www.moe.gov.lk යන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස ඊට අදාළ අයදුම්පත සම්පූර්ණ කළ යුතුයි.

ලබන 25 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඔන් ලයින් ක්‍රමයෙන් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ මතුවන ගැටළු සම්බන්ධයෙන් 011 2787303, 0112 787385 , 0112787393, 0112787399 හා 0112 787444 යන දුරකතන අංකවලින් තොරතුරු විමසිය හැකියි.

දිවයින පුරා ඇති අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක පාඨමාලා 50 ක් සඳහා මෙවර සිසුන් 4253 බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේය.

Read more

Local News