වීසා නොමැතිව මෙරට රැඳී සිටී විදෙස් කතක් අත්අඩංගුවට

Share

ගල්කිස්ස, ජයා මාවතේ දී නයිජීරියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගල්කිස්ස පොලිස් නිලධාරීන් විසින් ඊයේ(07) සවස සිදුකළ වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටින 35 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකාරිය අද(08) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News