ජංගම දුරකථන දෙන බව පවසා මුදල් වංචා කළ දෙදෙනෙක් අල්ලයි

Share

නවීන පන්නයේ ජංගම දුරකථන අඩු මිලට ලබා දෙන බවට අන්තර්ජාලයේ දැන්වීම් පළකර මුදල් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මාතර තලගහ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

නවීන පන්නයේ ජංගම දුරකථන අඩු මිලට ලබා දෙන බව පවසමින් මෙම සැකකරු සහ සැකකාරිය බැංකු ගිණුම් වෙත මුදල් බැර කරගෙන ඇති බවට ලද පැමිණිලි මත දකුණු පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය පැවසීය.

Read more

Local News