මැදපෙරදිග සිටි ශ්‍රී ලාංකිකයන් 664ක් දිවයිනට පැමිණෙයි

Share

මැදපෙරදිග රටවල් තුනක සිටි ශ්‍රී ලාංකිකයන් 664 දෙනෙකු අද(10) දින අලුයම මෙරටට පැමිණ තිබේ.

 

ඒ අනුව, කටාර් හි දෝහා සිට ශ්‍රී ලාංකිකයන් 81 දෙනෙකු අද අලුයම 1.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට අද අලුයම 4.53 ට එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 293 දෙනෙක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මේ අතර, සෞදි අරාබියේ රියාද් සිට එරට සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු අද අලුයම 4.23ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

Read more

Local News