වැඩ තහනමකට ලක්වූ ලියුම් බෙදන්නෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Share

බත්තරමුල්ල තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටියදී වැඩ තහනමකට ලක්වූ ලියුම් බෙදන්නෙකු අද(10) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අදාළ පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 04කට අධික ප්‍රමාණයක්, අයිස් ග්‍රෑම් 10ක්, මත්පෙති 06ක් සහ රුපියල් 43,000ක මුදලක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News