ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ එම සාක්ෂි විභාගය සිදුකෙරුණි.
එහිදී සාක්ෂිකරු කියා සිටියේ තම වෘත්තිය සමිතියේ සභාපතිවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කටයුතු කළ අතර ඔහු විසින් සමිතියෙන් රුපියල් ලක්ෂ 39ක මුදලක් ණය වශයෙන් ලබාගත් බවය.
එම ණය මුදල අමාත්‍යවරයා විසින් සිය වෘත්තිය සමිතියට ආපසු ගෙවූ බව සාක්ෂිකරු සඳහන් කර තිබේ.
නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 14 වන දා දක්වා කල්තැබුණි.