උතුරේ ස්වෙච්ඡා හා කොන්ත්‍රාත් ගුරුවරුන්ට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම 15 වනදා

Share

උතුරු පළාතේ ස්වෙච්ඡා හා කොන්ත්‍රාත් ගුරුවරුන්ට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පෙබරවාරි 15 වෙනිදා අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා ගුරු සේවයේ 3,2 ශ්‍රේණියට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතය.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මැදිහත් වීම මත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණ ලබාගෙන ඇති අතර ඒ සඳහා උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාද එක්ව මෙම කාර්යය සිදු කිරීමට කටයුතු කර ඇත.

මෙහිදී විශේෂයෙන්ම උතුරු පළාතේ 2009 නිමාවූ යුද්ධයට පෙර වසර 10 කට අසන්න කාලයක් ස්වෙච්ඡාවෙන් සේවය කළ ගුරුවරුන් 182 කට හා ඒ හා සමාන දීර්ඝ කාලයක් කොන්ත්‍රාත් පදනම මත සේවය කළ ගුරුවරුන් 142 දෙනෙකුට මෙම පත්වීම් ප්‍රදානය කිරීම සිදු වේ.

Read more

Local News