පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී කේරළ ගංජා සහ කහ තොගයක් සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

Share

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු කේරළ ගංජා කිලෝ 52ක් සහ කහ කිලෝ 920ක් ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

අද(15) අලුයම පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදා සාමාජිකයින් ඒකාබද්ධව පුදුකුඩිඉරිප්පු උයිලන්කුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී කහ සහ කේරළ ගංජාවලට අමතරව අමෙරිකානු ඩොලර් 100යේ නෝට්ටු 5ක්, රුපියල් 1,725,000ක මුදලක්, ලොරි රථයක්, ටේලරයක් සහිත ට්‍රැක්ටර් රථයක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Read more

Local News