20 සංශෝධනය අධ්‍යයනයට පත් කළ කමිටු වාර්තාව අගමැතිට

Share

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද(15) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

 

කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය.

විසි වෙනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේ දී හඳුනාගත් අලුතින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සාමාජිකයන් අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළේය.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට අග්‍රාමාත්‍යතුමා මෙම කමිටුව පසුගිය දා පත් කර තිබිණි.

Read more

Local News