අතරමග දමාගොස් තිබූ කහ ගෝනී

Share

මෙරටට නීති විරෝධී ලෙස ගෙන ඒමට තැත් කළ වියළි කහ කිලෝ 818 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

 

මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඑමින් තිබූ ගෝනි මලු 12 ක අසුරන ලද වියළි කහ කිලෝග්‍රෑම් 510 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 26 ත් 37 ත් අතර වයසේ පසුවන මන්නාරම පල්ලෙමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මන්නාරම වන්කාලේ ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ මෙහෙයුමකදී වෙරළ තීරයේ අතහැර දමාගොස් තිබූ ගෝනි මලු 05 ක අසුරන ලද කහ කිලෝග්‍රෑම් 308 ක පමණ ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Read more

Local News