ශානි අබේසේකර තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකයා සහ තවත් පොලිස් නිලධාරීයෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

ඒ් අද (17) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔවුන් තිදෙනා ඔක්තොම්බර් 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

කිහිපදෙනෙකු යොදාගනිමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, නීතිවිරෝධී ගිනිඅවි ළඟ තබාගත් බවට සාක්ෂි නිර්මාණය කළ බවට ශානි අබේසේකර මහතාට චෝදනා එල්ල විය.

ඊට අදාළව ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු සමග එක්ව බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවට ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරික්ෂකවරයා ද අත්අඩංගුවට ගැණුනි.