භාණ්ඩ මිලෙහි ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ කොහොමද ?

Share

රට තුළ නිෂ්පාදනය කර ගත හැකි සියලු දේ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කළහොත්, භාණ්ඩ මිලෙහි ගැටලුවට විසඳුමක් ලැබෙන බවත් බඩු මිල අඩු කිරීමට බොරු ප්‍රාතිහාර විසඳුම් නොමැති බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.

 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (17) හෝමාගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“අපේ රටේ නිෂ්පාදනය කරගත හැකි දේ වැඩි වැඩියෙන් අපි නිෂ්පාදනය කරගත හැකි නම් බඩු මිල අඩුවෙනවා. ඒ නිසා තමයි විදේශයන්ගෙන් ගෙන්වන භාණ්ඩ, ජනාධිපතිවරයා කිසිම හේතුවකටවත් ගෙන්වන්නට දෙන්නේ නැත්තේ, මේ රටේ ගොවියා ආරක්ෂා කරලා නිෂ්පාදනය වැඩි කිරීමට. එය කෙටිකාලින වශයෙන් අර්බුදයක් තිබුණත්, දිගුකාලින වශයෙන් වඩා වාසිදායක ස්ථාවර වෙළෙඳපොළ තත්ත්වයකට ගමන් කරන්නට පුළුවන්,“ බව අමාත්‍යවරයා පැවසීය.

ප්‍රශ්නය – වෙළෙඳ අමාත්‍යවරයා විදිහයට බඩු මිල සම්බන්ධයෙන් කෙටිකාලින සහනයක් දෙන්න බැරිද ජනතාවට ?

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා – “එහෙම කරන්න බැහැ, බොරු ප්‍රාතිහාර විසඳුම් නැහැනේ, ලෝකයේ ඉන්න එක සත්ත්වයෙක් විදිහට තමයි වෙළෙඳ අමාත්‍යවරයාත් ඉන්නේ,  මුළු ලෝකෙම වරායවල්, ගුවන්තොටුපොළවල් වහනකොට ලංකාවේ වෙළෙඳ ඇමතිට බැහැ වෙන රටවල ගුවන්තොටුපොළ අරින්න කියලා නියම කරන්න“

Read more

Local News