වන අලි ප්‍රහාරයකින් බුත්තල නිවාස තුනකට දැඩි හානි

Share

බුත්තල, ගෝනගංආර ගම්මානයට ඊයේ(20) රාත්‍රියේ කඩාවැදුණු වන අලින් නිවාස තුනකට දැඩි අලාභ හානි සිදුකර ඇති අතර එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

අළුයම් කාලයේදී එම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති අතර එවිට නිවෙස් හිමියන් සිට ඇති නමුත් ඔවුන්ට අනතුරක් සිදුවී නොමැති බව අප වාර්තාකරු පැවසීය.

මෙම ප්‍රදේශයට දීර්ඝකාලයක සිට වන අලි තර්ජනය උග්‍ර ලෙස පවතින නමුත් මෙතෙක් වගකිවයු‍තු බලධාරීන් ඊට විසඳුම් ලබාදී නොමැති බව ගම්වාසීන් පවසයි.

විදුලි වැටක් තිබුණ ද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත් මෙම වන අලි ගැටලුවට ස්ථිර, කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසත් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියි.

Read more

Local News