මෙරට කොරෝනා රෝගීන් ගණන 3,313ක් දක්වා ඉහළට

Share

මෙරට කොරෝනා රෝගීන් ගණන 3,313ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියෙකුට මෙලෙස කොරෝනා වෙෙරසය ආසාදනය වි තිබෙන බවට හඳුනාගෙන තිබේ.

ඊයේ දිනයේ තවත් නව කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන තිබු අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක්, සෞදි අරාබියේ සිට පැමිණි තිදෙනෙක්, කුවේට් සිට පැමිණි 07 දෙනෙක් සහ ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු ද ඒ අතර වේ.

සමස්ථ ආසාදිතයින්ගෙන් 3,118 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 182ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

අද(23) දිනයේ උදෑසන දෝහා කටාර් සිට පුද්ලගයින් 42ක් හා ඉන්දියාවේ මුම්බායි සිට එක් පුද්ගලයෙක් දිවයිනට පැමිණි බවත් ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙන බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.

අද දිනය තුළ දී පුද්ගලයින් 162ක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත යෑමට නියමිතයි.

අද වන විට පුද්ගලයින් 43,895ක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 68ක පුද්ගලයින් 7,120ක් නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ දිනය තුළ මෙරට පීසීආර් පරීක්ෂණ 1530ක් සිදුකර ඇති අතර මෙතෙක් කර ඇති සමස්ථ පරීක්ෂණ ගණන 270,881කි.

Read more

Local News