බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම් වලින් පුද්ගලයින් 460ක් අත්අඩංගුවට

Share

බස්නාහිර පළාත තුළ සිදු කළ වැටලිම්වලදී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 460 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අද(23) උදෑසන 06.00න් අවසන් වූ ගත වූ පැය 24 තුළ මෙම වැටලීම් සිදුකළ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

එහිදී හෙරොයින් සමඟ 188 දෙනෙකු, ගංජා සමග 106 දෙනෙකු, නීති විරෝධි මත්ද්‍රව්‍ය සමග 102 දෙනෙකු, අයිස් සමග 21 දෙනෙකු සහ වෙනත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News