නිරෝධායනය වෙමින් සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා

Share

ලංකාවට පැමිණි රුසියානු ජාතික පුද්ගලයෙකු නිරෝධායනය වෙමින් සිටිය දී සිදුකළ දෙවන පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා රෝගීයකු බවට තහවුරු වීමත් සමග හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙයි.

 

ආසාදිත පුද්ගලයා පසුගිය දිනක මත්තල ගුවන්තොටුපොළින් මෙරටට පැමිණ ඇති අතර, ඔහු සමග තවත් පුද්ගලයින් 13 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

රුසියානු ගුවන් යානයක කාර්ය මණ්ඩල සේවකයෙක් වන මෙම පුද්ගලයා ආසාදිතයෙක් ලෙස තහවුරු වීමත් සමග මාතර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පැමිණ ඔහුව රෝහල් ගත කළ බව මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එරාජ් වීරසුරිය මහතා සදහන් කළේය.

රුසියානු ජාතිකයින් පිරිස මාතර, පොල්හේන ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිට ඇති අතර, එම ස්ථානයේ සේවයේ නියුතුව සිටි කාර්ය මණ්ඩලය ද පීසීආර් පරීක්ෂණය හා නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

Read more

Local News