බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් 1481ක් අත්අඩංගුවට

Share

ගත වු පැය 24ක කාලය තුළ බස්නාහිර පළතේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1481ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින් 47ක් ද ඒ අතර සිටින බව පොලීසිය සදහන් කරයි.

විවිධ අපරාධ සිදුකර පොලීසිය මඟහරිමින් සිටි සැකකරුවන් 70ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙතෙක් නොවිසඳුනු අපරාධ 80ක් විසඳා ඇති අතර, දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 777 දෙනෙක් හා අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවන් 326ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News