ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(29) දිනයේ පැවති මාධ්‍ය හමුවකදීය.
වැඩ්දුරටත් අදහස් දක්වම්න් අමාත්‍යවරයා පැවසුවේ,
”අපි මේ වෙනකොට මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා සමග සාකච්ඡා කරලා තියෙනවා. ඉදිරියේදී මහ බැංකුව සමගත් ඒ වගේම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීපු නීත්‍යානුකූල ආයතන සහ ඔහුගේ සංගමය සමග සාකච්ඡා කරන්න නියමිතයි. මේ වෙනකොටම ඔවුන් අපිත් එක්ක මූලික සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාදක කර ගනිමින් තොරතුරු රැස්කර ගැනීම සඳහා වැඩ කටයුත්තක් සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කරල තියනවා. මේ සතියේ අගදී ඒ වාර්තාව අපිට ලැබෙයි. ඒ වගේම අපේ රටේ ක්ෂුද්‍ර මූල්‍ය පනත ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ පනත නිර්මාණය වෙලා තිබ්බට අවාසනාවකට රාජ්‍ය අංශයේ ආයතන ඒ වගේම ස්ටේක්හෝල්ඩර්ස්ලත් සියලු දෙනා පනත සම්බන්ධයෙන් සුභවාදී ප්‍රවණතාවක් දක්වන්නෙ නෑ. අපේ එක් අරමුණක් වෙනවා මේ පනත වර්තමාන ලෝකයට ගැළපෙන ආකාරයට සංශෝධනය කරන්න ඒක අත්‍යවශ්‍ය කාරණයක්” බවයි