වෙබ් මාධ්‍යවේදියා ඇප මත මුදා හරී

Share

අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යැයි අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කර තිබේ.

 

එහි අනුව සැකකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම සතියකම ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට ද ඔහුට නියෝග කළේය.

පරීක්ෂණ කටයුතුවලට බාධා කිරීමෙන් වළකින ලෙසත් එසේ බාධා සිදුකරන බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් දැනට නියම කර ඇති ඇපය අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බවද මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට අවවාද කර සිටියේය.

අනතුරුව පැමිණිල්ල ඔක්තෝබර් 29 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය වෙත වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යැයි ඉකුත් 01 වන දා අත්අඩංගුවට ගත් මෙම සැකකරු පසුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

Read more

Local News