සජිත් සහභාගී වූ ජනහමුවට ගල් ප්‍රහාරයක් – දෙදෙනෙක් අත්අඩංගුවට

Share

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රත්මලානේ පැවති ජනහමුවකට කිසියම් පිරිසක් විසින් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

 

විපක්ෂනායකවරයා ජනහමුව අමතමින් සිටින අවස්ථාවේදී වේදිකාව දෙසට එලෙස ප්‍රහාරය එල්ල වී ඇත.

එහිදී අදහස් දැක්වු විපක්ෂනායකවරයා පැවසුවේ තමන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බවත් කිසිසෙත් තමන් බියට පත් නොවන බවයි.

ගල් මුල් ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එම පුද්ගලයින් දෙදෙනා බීමත්ව සිට ඇති බවයි.

Read more

Local News