ජනපති ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතයි

Share

ශ්‍රී ලංකා රජය ස්වභාවික සම්පත් රැක ගැනීමට සහ තිරසාර කළමනාකරණයට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර කොට ගෙන සංවිධානය කළ ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව විඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කරනු ලැබිය.

“තිරසාර සංවර්ධනය සඳහා ජෛව විවිධත්වය පිළිබඳ ඉක්මන් ක්‍රියාමාර්ග” මෙවර සමුළුවේ තේමාව විය.

එමෙන්ම අද්විතීය සහ සාරවත් ජෛව විවිධත්වයකට දායකවන ස්වභාවික සම්පත් ආරක්ෂා කිරිමේ භාරකරු ලෙස තමන් වගකීමෙන් ක්‍රියා කරන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

Read more

Local News