ට්‍රම්ප්ට සහ බිරිඳටත් කොරෝනා

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

 

ඒ, ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන හෝප් හික්ස් කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයෙන් අනතුරව ඔවුන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ තමා සහ බිරිඳ අවශ්‍ය ප්‍රතිකාර සඳහා මේ වන විට යොමු වී ඇති බවයි.