20 එරෙහි පෙත්සම් සලකා බැලීම තුන්වන දිනටත් අද ඇරඹේ

Share

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම තෙවන දිනට අද(02) සිදුකරයි.

 

කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 39 කි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් සලකා බැලීම පසුගිය 29 වනදා ආරම්භ වුණි.

Read more

Local News