නිරෝධායන කටයුතු අවසන් කළ 342 ක් අද පිටව යයි

Share

ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 342 දෙනෙකු අද(02) නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කිරීමට නියමිතයි.

 

පුරවාසකුලම් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 182 ක් නිරෝධායනය අවසන් කර පිටව යාමට නියමිත බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අනෙක් පිරිස හෝටල් කිහිපයක නිරෝධායනය වෙමින් සිටි පිරිස් බව එම මධ්‍යස්ථානය පැවසීය.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 47,252 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබේ.

මධ්‍යස්ථාන 79 කදී පුද්ගලයින් 7274 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටියි.

Read more

Local News