ජලභීතිකා එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ඇරඹේ

Share

සුනඛයින්ට ජලභීතිකා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ගාල්ල, යටලමත්ත ඇතුළු ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

 

යටලමත්ත ප්‍රදේශයේ ජලභීතිකාව වැළදී 12 හැවිරිදි පාසල් සිසුවෙකු හා 57 හැවිරිදි පුද්ගලයෙකු මියයාමත් සමග මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට පියවර ගනු ලැබිය.

මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය අධ්‍යක්ෂ එල්. ඩී කිස්තිරි මහතා සඳහන් කළේ එම ප්‍රදේශයට විශේෂ කණ්ඩායම් යොමුකර සුනඛයින්ට අතිරේක එන්නත් ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

Read more

Local News