මෙරට උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනවල තත්ත්වය ඉහළ නැංවීමට කමිටුවක්

Share

මෙරට ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනවල තත්ත්වය ඉහළ නැංවීම සඳහා කමිටුවක් පත් කර ඇත.

 

මේ යටතේ දැනට උසස් ඩිප්ලෝමාවක් ලබා දෙන ආයතනවල සිසුන්‍ට උපාධිය දක්වා අධ්‍යාපන කටයුතු හැදෑරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.
මෙරට පිහිටි ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන සංඛ්‍යාව 11ක් වන අතර එම ආයතනවල සිසුන් 12000 කට අධික පිරිසක් ඉගෙනුම ලබයි.
එම ආයතන අධ්‍යාපන මට්ටම් ඉහළ නැංවීමත් සමග උසස් ඩිප්ලෝමාධාරීන්ට අදාළ ආයතනයෙන්ම උපාධිය ලබා ගැනීමට හැකි බව ලේකම්වරයා පැවසීය.

Read more

Local News