හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් පෙරලෙයි

Share

හැටන් දක්වා ඩයගම සිට පොඩයිස් හරහා ධාවනය වු පෞද්ගලික බස් රථයක් පොඩයිස් වත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 25 ක් පමණ බෑවුමකට පෙරලිමෙන් එහි ගමන් ගත් පාසල් ළමුන් 30 දෙනෙකු ඇතුළු 48 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙයි.

 

මෙම අනතුර අද(02) දිනයේ පෙරවරු 7.00 ට පමණ සිදුව ඇති අතර රෝහල් ගත කල පාසල් සිසුන් අතරින් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර ඇත.

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අනෙකුත් සිසුන්ගේ සහ මගීන්ගේ තත්ත්වය බරපතල නොවන බව දික්ඔය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.

බස් රථයේ ඉදිරිපස රෝදයේ ඇතිවූ කාර්මික දෝෂණයක් හේතුවෙන් අනතුර සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති අතර අදාළ මාර්ගයේ දැඩි ලෙස අබලන් වී තිබෙන බවත් එම මාර්ගයේ ගමන් ගැනීමේදී බස් රථය දිගින් දිගටම වලවල් වලට වැටීමෙන් කාර්මික දෝෂය හටගන්නට ඇතැයි මගීහු පවසති.

බස් රථ අනතුරෙන් තුවාල ලැබු සිසු සිසුවියන් අතර පොඩයිස් දමිළ මහා විද්‍යාලය,ගිනිගත්හේන මධ්‍ය මහ විදුහලේ සහ තවත් පාසැල් කිහිපයක සිසුන් සිටින බව පොලීසිය සදහන් කරයි.

Read more

Local News