ධීවර හා නාවිකයන්ට කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්

Share

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වූ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය කිහිපය තුළ සුළඟේ වේගය ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ත්  70 ත් අතර ලෙස ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

මේ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල්  දක්වා වූ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල නිරතවීමේදී සැලකිලිමත් විය යුතු බව දන්වා ඇත.

මෙම දැනුම්දීම හෙට (04) උදෑසන 10.00 දක්වා බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read more

Local News