නිරෝධායනයට යොමුකර තිබු අයෙක් නිරෝධායනය මඟහැර පැන යයි

Share

ඊයේ(03) දිනයේ විදෙස් රටක සිට ඉන්ධන රැගෙන කොළඹ වරායට සේන්දූ වූ නෞකාවක සිටි ශ්‍රී ලංකික සේවකයෙක් නිරෝධායනයට යොමු කිරීමෙන් පසු ඉන් පැනගොස් සිය නිවස වෙත යෑමේ පුවතක් කලුතරින් වාර්තා වෙයි.

 

අදාළ නෞකාවේ සිටි සේවකයින් දින 14ක් නිරෝධායනයට යොමුකර තිබු අතර ඉන් එක් අයෙක් එසේ පැනගොස් තිබු අතර එම පුද්ගලයා බස් රථයක නැගී කලුතර, පයාගල, ජෝසෆ් සේවියර් මාවතේ පිහිටි සිය නිවස වෙත පැමිණ තිබේ.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (04) ඔහු සොයා නිවසට පැමිණ ඔහුව නිවස තුළදීම දින 14ක් නිරෝධායනයට කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම බස් රථයෙන් බැස නිවස කරා පැමිණෙමින් සිටියදී ඔහු ත්‍රිරෝද රථයකින්ද ගමන් කර තිබීම නිසා පයාගල අක්කර 16 ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරු ද අද (04) නිවස තුළදීම නිරෝධායනයට යොමු කෙරුණි.

Read more

Local News